Latestවිදේශීය

යුක්‍රේනය ඩොන්බාස් කලාපයෙන් ඉවත් විය යුතුමයි – පුටින් කියයි

යුක්‍රේනයේ නැගෙනහිර ඩොන්බාස් කලාපයෙන් යුක්‍රේන හමුදා ඉවත් විය යුතු බවත් එසේම නොමැති නම් ඩොන්බාස් බලහත්කාරයෙන් හෝ ලබාගන්නා බවත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යළිත් සදහන් කර ඇත.

එසේ නොමැතිව, යුක්‍රේන යුද්ධය අවසන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඕනෑම සම්මුතියක් ප්‍රතික්ෂේප කරන බවත් ඔහු ඉන්දියා ටුඩේ වෙත සදහන් කර තිබේ.

ඩොන්බාස් වලින් සියටට 85ක් පමණ මොස්කව් පාලනය කරයි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය දෙදින ඉන්දීය සංචාරය සඳහා නවදිල්ලි නුවරට මේවන විට පැමිණ සිටි. බටහිර සම්බාධක මගින් රුසියාවේ දශක ගණනාවක් පැරණි සබඳතා දුරස්කිරීමත් සමඟ රුසියාවේ ප්‍රමුඛතම අවි සහ තෙල් ගැනුම්කරු සමඟ වෙළෙඳාම ඉහළ නැංවීමේ අරමුණින් නවදිල්ලියේදී අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ අද(05) සාකච්ඡා පවත්වනු ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *