Latestදේශීය

මියගිය සංඛ්‍යාව 611 දක්වා ඉහළට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 611දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

තවත් පුද්ගලයින් 213දෙනෙකු අතුරුදන්ව ඇති බව එම මධ්‍යස්ථානය අද දහවල් නිකුත් කළ වාර්තාවේ දැක් වේ.

පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල වූ අතර පවුල් 576,626කට අයත් පුද්ගලයින් 2,054,535 දෙනෙකු ඉන් පීඩාවට පත්විය.

ඉන් පවුල් 33,622කට අයත් පුද්ගලයින් 114,126දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 956ක රදවා සිටින බව ද අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

පූර්ණ නිවාස හානි 4309ක් සිදුව ඇති අතර තවත් නිවාස 69,635කට අර්ධ හානි සිදුව ඇති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කර සිටී.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *