ලැබෙන ආධාරවලින් රට ගොඩ දැමිය හැකියි – වසන්ත අතුකෝරළ
ආපදා තත්ත්වය හේතුවෙන් මෙරටට ලැබෙන විදේශ ආධාර හා පරිත්‍යාග සැලසුම් සහගතව හොඳ දැක්මකින් යුතුව නිසි අයුරින් කළමනාකරණය කිරීමට රජය කටයුතු කළහොත් ඉතා කෙටි කාලයකින් රට නැවත ගොඩනැගිය හැකි බැව් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.
ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට ජනගහනයෙන් සියයට දහයකට පමණ පිරිසකට සහ කෘෂිකාර්මික හා කර්මාන්ත ක්ෂේත්රයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව සඳහන් කළ මහාචාර්යවරයා මෙම අවස්ථාවේ රටට ලැබෙන විදේශ ආධාර නිසි අයුරින් කළමනාකරණය කර නව දැක්මක් යටතේ රජය බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇති බව ද හෙතෙම කියයි. ආපදා තත්ත්වය නිසා මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති වීමට ඉඩ ඇති බවත් මෙම අවස්ථාවේ රට නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා මෙකී ආපදා තත්ත්වය ආශිර්වාදයකට ගෙන කටයුතු කළ යුතුව ඇති බව ද හෙතෙම කියයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්යවරයා මෙසේද කීවේය.
මෙම වසර තුළ සියයට පහක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වුණා. පළමු කාර්තුවේ සියයට 4.8ක් සහ දෙවැනි කාර්තුවෙ සියයට 4.9 ආර්ථික වර්ධනයන් ළඟා කර ගෙන තිබුණා. මෙම ආපදා තත්ත්වයත් සමග ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්වීමට ඉඩකඩ තියෙනවා. සමස්ත පසුබෑම නැවත යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා යම් කිසි කාලයක් ගතවේවි. මේ වන විට විදේශ ආධාර ඇතුළු විවිධ පරිත්‍යාග රටට විශාල වශයෙන් ලැබෙනවා. එම ආධාර නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සහ විවිධ සංවිධාන හරහා පෞද්ගලිකව ලැබෙන දේවල් තියෙනවා. ලැබෙන විදේශ ආධාර නිසි අයුරින් කළමනාකරණය කරලා මෙම අවස්ථාවෙන් රට නැවත යථා තත්ත්වය පත්කිරීමට හොඳ දැක්මක් එක්ක වැඩ කළ යුතුයි. දැනටත් රජය විසින් ඩොලර් බිලියන 03ක විදේශ ණය ගෙවනවා. ඉදිරියේ දී වැඩි වෙන්නේ ඩොලර් බිලියන 02ක මුදලක්.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

