Latestවිදේශීය

චීනයේ විදේශ විනිමය සංචිතය ඇ.ඩො.ට්‍රිලියන 3 ඉක්මවයි

2025 වසරේ නොවැම්බර් මස අවසානය වන විට, චීන විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන තුන ඉක්මවා ඇති බව වාර්තා වේ. 

චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ (07) නිකුත් කළ නවතම දත්තවලට අනුව, එම අගය දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3.3464ක් ලෙසය.

පසුගිය ඔක්තෝබර් මස අවසානයට සාපේක්ෂව එය ඩොලර් බිලියන 3ක වැඩිවීමක් වන අතර එහි වර්ධනය 0.09%කි.

2025 වසරේ නොවැම්බර් මාසයේදී, විනිමය අනුපාත පරිවර්තනය සහ වත්කම් මිල වෙනස්වීම වැනි සාධක හේතුවෙන් විදේශ විනිමය සංචිතය වර්ධනය වී ඇති බව චීන විදේශ විනිමය පරිපාලනය ප්‍රකාශ කර තිබේ. 

චීන ආර්ථිකය සාමාන්‍යයෙන් ස්ථාවර සහ ප්‍රගතිශීලී සංවර්ධන ප්‍රවණතාවක් පවත්වා ගෙන ගොස් ඇති අතර, විදේශ විනිමය සංචිතවල මූලික ස්ථාවරත්වයට ද එමගින් මනා සහායක් වී ඇත.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *