Latestදේශීය

මුතූර් ජනතාවට වතුර දෙන්නයි මේ වෑයම

මහවැලි ජලය පිටාර ගැලීම නිසා විනාශයට පත්වූ සේරුනුවර සිට මූතුර් දක්වා ප්‍රධාන ජලනළ පද්ධතිය යළි ස්ථාපනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

ජලය බැසගිය පසු නැවත මුල් වාසස්ථානවලට ගිය සේරුනුවර, මූතූර් සහ වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවතැන් වූ ජනතාව මේ වනවිට උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටිති. කඩිනමින් මෙම ජල සැපයීම යථාවත් කිරීම සඳහා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් දැඩි වෙහෙසක් ගනිමින් සිටී.

ඒ සඳහා නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර, රොෂාන් අක්මීමන, සේරුවිල ප්‍රාදේශීය සභාපති තුෂාර සම්පත් යන මහත්වරු සහ 22 සේනාංකාධිපති මේජර් ජනරාල් ලලිත් පෙරේරාගේ අධික්ෂණය මත 222 බල සේනාධිපති බි්‍රගේඩියර් කාමින්ද සිල්වා ඇතුලු කල්ලාර් යුද හමුදා කඳවුරේ සෙබලුන් සහභාගී වූහ

මහා මාර්ග කැඩී තවමත් ජලය බැස යෑම ප්‍රමාද වී ඇති ප්‍රදේශයක් හරහා ප්‍රධාන නළ පද්ධතිය එළීමේ කටයුතු ඉතා දුෂ්කර කාර්යයක් වී ඇත. දුෂ්කරතා නොතකා විශාල පිරිසක් තම ශ්‍රම දායකත්වය ලබාදෙමින් මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සිදු කරන අයුරු දක්නට ලැබුණි. මෙම කටයුත්තට විශාල දායකත්වයක් ලබාදෙන ප්‍රදේශවාසීන් පවසන්නේ ගංවතුරින් ප්‍රධාන සැපයුම් පද්ධතිය කැඩීයෑම ගැටලුවට හේතුව බවයි. මෙම ජලනළ පද්ධතිය ඉදිරි දින දෙක ඇතුළත යථාවත් කිරීමට හැකි වෙතැයි ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියයි.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *