බණ්ඩාරනායක පදනමෙන් රජයට මිලියන 250ක්
‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම රජයට රුපියල් මිලියන 250ක මූල්‍ය පරිත්‍යාගයක් කළේය.
ඒ අනුව බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ සභාපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඊට අදාළ චෙක්පත අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය වෙත අගමැති කාර්යාලයේදී පසුගිය දා (08) භාර දුන්හ. අනතුරුව පදනමේ සභාපති හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය අතර සුහද සාකච්ඡාවක්ද පැවැත්විණි. ඇමැති, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහත්වරුන් සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජිතයෝ මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
@දිනමිණ

