යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක මානුෂීය ආධාරයක්
මෑත දිනවල ඇති වූ විනාශකාරී නායයෑම් සහ ගංවතුරට ප්‍රතිචාර වශයෙන් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය ආධාර ප්‍රදානයක් සිදුකිරීමට තීරණය කර ඇත.
මෙම ආධාරය “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක්වූ ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සහන සැපයීමට උපකාරී වනු ඇති බව යුරෝපීය කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
මේ වන විට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ Red Crescent කණ්ඩායම් ආපදාවට පත්වූ අය වෙනුවෙන් සහන කටයුතු ආරම්භ කර ඇති අතර එම සංවිධාන හරහා ලබා දෙන යුරෝ ලක්ෂ 5ද මෙම මානුෂීය ආධාර ප්‍රදානයට ඇතුළත් බව යුරෝපා සංගමය සඳහන් කරයි.
මෙහිදී යුරෝපා සංගමය සඳහන් කර ඇත්තේ, ආපදාවට පත් ජීවිත නැවත ගොඩනඟා ගැනීමට අවශ්‍ය ශක්තිය සහ සහයෝගය ලබා දීමට සූදානම් බවයි.
හසේම ආරක්ෂිත නවාතැන් සහ හදිසි ආධාර ලබා දීම හරහා – වඩාත් අවදානමට ලක්විය හැකි පවුල්වලට වඩාත්ම අවශ්‍ය සහයෝගය ලබා දීමට කැපවී සිටින බව යුරෝපා සංගමය වැඩිදුරටත් සදහන් කර තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

