Latestදේශීය

ආපදාවට පත්වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කරන්න එපා

ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ දරුවන්ගේ ඡායාරූප, වීඩියෝපට, ඇතුළත් තොරතුරු සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍යන් තුළ ප්‍රචාරණය කිරීමෙන් වළකින ලෙසත්ය. 

එසේ සිදු කිරීමෙන් එම දරුවන්ගේ අනන්‍යතාවට සහ පෞද්ගලිකත්වයට හානි වීම සහ එම ඡයාරූප සහ තොරතුරු අවභාවිත කරන ජාවාරම්කරුවන් අතට පත්වීම මෙමගින් සිදුවිය හැකි බවද අමාත්‍යාංශය පවසයි.

මෙමගින් ඔවුන්ගේ තොරතුරු භාවිත කරමින් දරුවන් සූරාකෑම, ජාවාරම් සඳහා භාවිත කිරීම වැනි ක්‍රියාවන් සිදුකරන බවත් සඳහන් කර ඇති අමාත්‍යාංශය පැවසුවේ තැනැත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යාංශය කටයුතු කරන බවය.

එමෙන්ම අනාරක්ෂිත දරුවන් පිළිබඳව හෝ මෙවැනි ජාවාරම් සිදු කරන තැනැත්තන් පිළිබඳව තොරතුරු ඇත්නම් වහාම 1929 දුරකථන අංකයෙන් ළමා උපකාරක සේවය වෙත දැනුම්දෙන ලෙසත් නැතහොත් ආසන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හෝ ළමා ආරක්ෂක නිලධාරී දැනුවත් කරන ලෙසත් අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක්ද සිදුකර තිබේ.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *