කිසිදු ජලාශයකට විශාල හානි හෝ කඩා වැටීම් සිදු වී නැහැ
පසුගිය දිනවල ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් සමස්ථ පද්ධතියේ කිසිදු ජලාශයකට විශාල හානි හෝ කඩාවැටීම් සිදු වී නැතැයි වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු එල්.එස්.සූරිය බණ්ඩාර මහතා පවසයි.
ආපදා තත්ත්වයෙන් පසු වාරි මාර්ග ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසීය.
සමස්ථයක් ලෙස ගත් විට මධ්‍යම ප්‍රමාණයේ සහ කුඩා ජලාශ 80කට ආසන්න ප්‍රමාණයකට විවිධ මට්ටමේ හානි සිදු වී ඇති බවත් මේ වනවිට ඉදිරි කන්නයට අවශ්‍ය ජලය ලබාදීමට එම පද්ධති සකස් කිරීම සිදුවන බවත් ඒ මහතා පැවසීය.
ආසන්න වශයෙන් අමුණු 7කට සහ ඇල පද්ධති 225කට හානි සිදු වූ බවත්, තාවකාලිකව හෝ දීර්ඝ කාලින වශයෙන් එම පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු යොදා ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
අක්කර 20,000ක් පමණ ඇති ඇළහැර පද්ධතියත් රාජාංගණ ජලාශයත් ඉතාම කඩිනමින් තාවකාලිකව හෝ යථා තත්ත්වයට පත් කරන බවත් , හැකි ඉක්මනින් එම ඇල මාර්ග සක්ස් කර අවසන් කරන බවද සඳහන් කළේය.
මේ දිනවල ඇති මෝසම් තත්ත්වය හේතුවෙන් ලැබෙන වර්ෂාවට ඔරොත්තු දීමට පද්ධතිය සකස් කිරීම සිදු කරන්නේ කෙසේද පිළිබඳව සොයා බලන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීයත
මේ වනවිට විශාල ජලාශ 34ක වාන් දැමීම සිදු කෙරෙන බවත් රාජාංගනය , දැඳුරු ඔය ,යාන් ඔය , සේනානායක සමුද්‍රය ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. නමුත් එය අනතුරු දායක මට්ටමේ ප්‍රමාණාත්මක අගයක් නොවන බවත් පහළ ප්‍රදේශවලට හානි නොවන ආකාරයෙන් ජලය නිකුත් කෙරෙන බවත් ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.
මිණුම් මධ්‍යස්ථානවල දත්ත පරික්ෂා කිරීමේදී ගංගාවල ජල මට්ටම පහළ ආරක්ෂිත මට්ටමක තිබෙන බවද සඳහන් කළේය.
දෙසැම්බර් 11 වන දිනට, නිල්වලා ද්‍රෝණිය,කළු ගඟ ද්‍රෝණිය, කැළණි ගඟ ද්‍රෝණිය , මාඳුරු ඔය මි.මි 50 කට ආසන්න වර්ෂාපතනයක් ලැබිලා ඇති බවත් මහවැලි ද්‍රෝණියේ ඉහළ ප්‍රෙද්ශවලට සැළකිය යතු වර්ෂාපතනයක් ලැබී ඇත.
මන්ම්පිටිය මිණුම් මධ්‍යස්ථානයේ පමණක් ඊයේ (12) යම් ඉහළ මට්ටමක ජලය ඇති බවත් එය ගංවතුර තත්ත්වයකට වර්ධනය වීමක් නොවද බවද පැවසීය.

