Latestවිදේශීය

ට්‍රම්ප් බොරුවෙයි – තායිලන්තය කාම්බෝජයට පහර දෙයි

තායිලන්තය සහ කාම්බෝජය අතර යුද්ධය අද සවස සිට අවසන් කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවද තායිලන්තය අද (13) දිනයේ ද කාම්බෝජයට ප්‍රහාරයක් එල්ලකර ඇත.

තමන් සටන් විරාමයකට මැදිහත් වූ බවට අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසු ප්‍රහාරක ජෙට් යානා ඉලක්ක වෙත තායිලන්තය මෙම ප්‍රහාර එල්ලකර තිබේ.

“අපේ භූමියට සහ ජනතාවට තවදුරටත් හානියක් සහ තර්ජන දැනෙන්නේ නැති බව හැඟෙන තුරු හමුදා ක්‍රියාමාර්ග දිගටම කරගෙන යනවා” තායිලන්ත අගමැති අනුටින් චාන්විරකුල් පවසයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන Truth Social හි සටහනක් තබමින් පවසා සිටියේ, දෙරට අතර යුදමය තත්ත්වය ‘අද සවස සිට බලපැවැත්වෙන පරිදි’ අවසන් කරන බවය.

එසේ නමුත් එම ප්‍රකාශයට තායිලන්ත අගමැති මෙන්ම කාම්බෝජ අගමැති හුන් මැනට් නිල ප්‍රකාශයක් නිකුත්කර නොතිබුණි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *