Latestදේශීය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හමුදා භටයන් දිවයිනෙන් පිටත්ව යයි

” දිට්වා ” සුළි කුණාටුවෙන් විපතටපත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හමුදා භටයන් විසින් මෙරට තුළ ක්‍රියාත්මක කළ ගලවා ගැනීම් සහ සෝදිසි කිරීමේ මෙහෙයුම් නිමාවට පත් කර තිබේ.

ඒ අනුව, එම භටයන්ගෙන් පිරිසක් ඒ සඳහා යොදා ගත් වාහන සහ උපකරණ කීපයක් රැගෙන ඊයේ (14) පස්වරුවේ එරට ගුවන් හමුදාවට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අබුඩාබි නුවර වෙත පිටත්ව ගොස් තිබේ.

මේ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව සතු සී.- 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එම ගුවන් යානයට විශාල ට්‍රක් රථ 04 ක්, විදුලි ජනක යන්ත්‍ර සහ තවත් උපකරණ මෙන්ම, මෙම මෙහෙයුම් සඳහා දායක වූ , ඒවායේ ක්‍රියාකරුවන් 16 දෙනෙකු ද එක්වී සිටියහ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *