ලතා වල්පොල පිළිබඳ කටකතා බොරු
හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුදාවළිය ලත් ප්‍රවීණ ගායන ශිල්පිනි ලතා වල්පොල මහත්මිය පිළිබඳව පැතිර යන කටකතා සත්‍ය නොවන බව තහවුරු කර තිබේ.
මේ පිළිබඳව සටහනක් තබමින්, දයාන් විතාරණ මහතා සදහන් කර ඇත්තේ, ලතා වල්පොල මහත්මිය රෝහල් ගත කර ඇති නමුත් මේ වන විට ඇයගේ තත්ත්වය සුව අතට හැරී ඇති බවයි.
”ලතා අම්මා තවම හුස්ම ගනිමින් සිටී. ඇය රෝහල්ගත කර ඇති බව සැබෑය. ඇගේ තත්වය හොඳ අතට හැරී ඇත. තෙරුවන් සරණින් ඇය වෙනුවෙන් ආශිර්වාද කරන්න. පැතිරයන කටකතා අසත්‍ය බව මා තහවුරු කරමි.”
‘හෙළයේ ගීත කෝකිලාවිය ලෙස’ කාගෙත් ආදරයට ගෞරවයට පාත්‍ර වන ලතා වල්පොල මහත්මිය පසුගිය දා සිය 91වැනි උපන්දිනය සමරනු ලැබීය.
හදවත් නළවන සොඳුරු හඬකට හිමිකම් කියන ඇයට, නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමු
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

