Latestදේශීය

සතිස්චන්ද්‍ර නික්ම යයි

ප්‍රවීණ රංගධර, කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ සහෝදරයා වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද කලාකෙත පෝෂණය කිරීමට සමත්වූ අසහාය කලාකරුවෙකි.

1941 පෙබරවාරි 10 වනදා කැලණියේ  දී සතිස්චන්ද්‍ර මහතා උපත ලැබීය.

1986 වසරේ දී තිරගත වූ ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කළ ‘කෙටි වලිගය’ චිත්‍රපටයේ සතිස්චන්ද්‍රයන් සිංහල තරුණයෙකුගේ චරිතයට තත්ත්පර 90ක කාලයක් රංගනයේ යෙදී සම්මානයට ද පාත්‍රවීම ඔහුගේ කලා ජීවිතයේ නොමැකෙන සංදිස්ථානයකි.

එමෙන්ම 1987 වසරේ සරසවි සම්මාන උළෙලේ දී භික්ෂූන් වහන්සේ නමක් ලෙස රඟපෑ සතිස්චන්ද්‍රයන්ගේ රංගනය කුසලතාවය වෙනුවෙන් විශේෂ ජූරී සම්මානයක් ද හිමිවුණි.

මේ අතර 1963 දී සතිස්චන්ද්‍රයන්ගේ මුල්ම නාට්‍ය නිෂ්පාදනය වූ ‘බකතපස්’ වේදිකා නාට්‍ය වේදිකාගත වුණි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *