Latestදේශීය

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරිය පවසන මේ ඉලක්කය අතිශය මනෝරාජිකයි – පුබුදු ජයගොඩ

2024 වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය තිබුණේ ඩොලර් බිලියන 100 සීමාවේ.(හරියටම කියනවානම් රුපියල් ට්‍රිලියන 29.9ක්, ඩොලර් බිලියන 99ක්) 2030 වනවිට එය ඩොලර් බිලියන 300 දක්වා යාම යනු වසර 5ක් තුළ 200%ක වර්ධනයක්. එනම් වසරකට 40%ක පමණ වර්ධනයක්.

2024 වසරේ ආර්ථික වර්ධන වේගය තිබුණේ 5%ක සීමාවේ. 2025 වසර සඳහා ලෝක බැංකුවේ පුරෝකථනය 4.6%ක්. දිට්වා ආපදාවේ බලපෑම නිසා 2026 වසරේ මෙම අගය 3-4% මට්ටමට පහත වැටිය හැකි බව ලෝක බැංකුව පවසනවා. ඒ අනුව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරිය පවසන මේ ඉලක්කය අතිශය මනෝරාජිකයි.

ආණ්ඩුව කළ යුත්තේ දිට්වා ආපදාව නිසා ආර්ථිකයට සිදුවූ විනාශය ගැන සහ ඉදිරි ආර්ථික අවදානම ගැන නිවැරදි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කර වැඩි ආපදා ආධාර ප්‍රමාණයක් ලබා ගැනීමර්‍ටත් වැඩි ණය කප්පාදුවක් ලබා ගැනීමටත් උත්සාහ කිරීම. ණය හිමියන් සමගත් IMF සමගත් යළි සාකච්ඡා අරඹා දැනට එලඹ ඇති ලංකාවට අවාසිදායක වැඩසටහන් සංශෝධනය කර ගැනීම.

ඒ වෙනුවට ආණ්ඩුවේ දේශපාලන නායක නායිකාවන් සහ නිලධාරීන් කරන්නේ මෙවැනි මනෝරාජික කතා කියමින් ආර්ථිකයට කිසිම ප්‍රශ්නයක් නැති බව කියමින් අධිරාජ්‍යවාදි මූල්‍ය සංවිධාන වල සහ ණය හිමි මූල්‍ය ඒකාධිකාර වල අභිලාෂයන් ඉටු කිරීම. මේ සඳහා ආණ්ඩුවට උපදෙස් දෙන්නේ ණය හිමියන්ද වන මූල්‍ය සමාගම් නියෝජනය කරන ලාංකීය ජාවාරම්කාර ධනපතියන්.

ආණ්ඩුව දිගටම බොරු ඉලක්ක පෙන්වමින්, පුරාජේරු කතා කියමින් මූල්‍ය ප්‍රාග්ධන හිමියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටිනවානම් අනාගතය අඳුරුයි….

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *