ඉරානයේ උද්ඝෝෂණ තීව්‍ර වෙයි – 7ක් මියයයි
ඉහළ යන ජීවන වියදමට එරෙහිව ඉරානයේ පැවැත්වෙන විරෝධතා මේ වනවිට නරක අතට හැරෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එම වාර්තා පෙන්වා දෙන්නේ, විරෝධතාවල පස්වන දිනය ගතවද්දී සිදුව ඇති මරණ සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.
නිරිතදිග ඉරානයේ ලෝර්ඩෙගන් නගරයේ දී විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ඇති වූ ගැටුම්වලින් දෙදෙනෙකු මියගොස් ඇත.
එමෙන්ම බටහිර ඉරානයේ අස්නා හිදී තවත් පුද්ගලයින් තිදෙනෙකු සහ කෞඩාෂ්ට් හි තවත් අයෙකු මියගොස් තිබේ.
බොහෝ විරෝධතාකරුවන් රටේ උත්තරීතර නායකයාගේ පාලනය අවසන් කරන ලෙස ඉල්ලා ඇති අතර, ඇතැම් පිරිස් රාජාණ්ඩුව නැවත ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින බව සඳහන්.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

