නව ග්‍රාමීය බස් සේවාවන් 40ක් අරඹයි
ග්‍රාමීය ප්‍රදේශවලට පොදු මගී ප්‍රවාහන බස් රථ සැපයීමේ ව්‍යාපෘතිය යටතේ නව සේවාවන් 40ක් ඊයේ (01) දිනය තුළ ආරම්භ කර තිබේ.
ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යංශය විසින් දියත් කර තිබෙන සැලසුම් සහගත ව්‍යාපෘතියක ආරම්භක පියවරේදී ම, එම බස් රථ 40 යොදවා ඇත. අලාභ ලබන මාර්ග වෙනුවෙන් රජයෙන් ප්‍රදාන ලබා දීම සඳහා අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කරනු ලැබීය. මේ අනුව, ලාභය පමණක් පදනම් කර ගෙන මගී ප්‍රවාහනය සැලසීම වෙනුවට පොදු සේවාව කෙරෙහි විශේෂ මෙහෙයුම් දියත් කර තිබේ.
@Lanks Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

