Latestදේශීය

කඩවත මීරිගම අධිවේගී මාර්ගය ඉදිකිරීම මහාමාර්ග අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කඩවත මීරිගම දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ වර්තමාන සංවර්ධන කටයුතු නිරීක්ෂණය සඳහා ඊයේ (01) ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා එක්විය .

2015 වර්ෂයේ ගිවිසුම් අත්සන් කලද එම සංවර්ධන කටයුත්තෙහි වැඩ ආරම්භ වූයේ 2020 වර්ෂයේ ය . නමුත් ඉතා කෙටි කලෙකින් එම ක්‍රියාවලිය  අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇතිවූ බරපතල ආර්ථික අර්බුදය හේතුවෙන් සම්පූර්ණයෙන් ඇන හිටියේය.

නව රජය පත්වීමත් සමග නැවත චීන රජයත් ප්‍රවාහන අමාත්‍යාංශයත් සාකච්ඡා කර ඉදිරි සංවර්ධන කටයුතු අවසන් කිරීම වෙනුවෙන් ණය අනුමත කරගනිමින්  2025 සැප් 17 වන දින නැවත මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේය. 

මේ වන විට සම්පූර්ණ ව්‍යාපෘතියෙන් 40 % ක් අවසන්ව ඇති බව නිළධාරීන් අමාත්‍යවරයාට පැවසුවේය. මෙම ඉදිකිරීම් අවසානයේ අධිවේගී මාර්ගයට වාහන ප්‍රවේශයේ දී හෝ පිටවීම් වලදී කොළඹ නුවර මාර්ගයේ සහ මෙම ක්‍රියාවලිය තුළ අධිවේගී මාර්ගයේ ඇතිවන තදබදය පිළිබදව මීට පෙර සිදුකර ඇති නිරීක්ෂණයන් පිළිබදව නැවත අවධානය යොමුකොට සැලකිලිමත් වන ලෙස ද අමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *