තල්පේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට
Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන Dream Destination ව්‍යාපෘතියට අනුව නවීකරණය වූ පළමු දුම්රිය ස්ථානය ලෙස තල්පේ දුම්රිය ස්ථානය අද (02) ජනතා අයිතියට පත් කෙරුණි.
ඒ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් ලෙස දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළේය.
එහි පළමු දුම්රිය ස්ථානය ලෙස ගාල්ල තල්පෙ දුම්රිය ස්ථානය නවීකරණය කිරීම ආරම්භ කිරිම සිදු විය.
විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව හා සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

