Latestවිදේශීය

තැපෑල නැති පළමු රට බවට ඩෙන්මාකය පත්වෙයි

ඩිජි­ටල් සන්නි­වේ­ද­න­යෙන් ලොව සිදුවු තාක්ෂ­ණික විප්ල­ව­යත් සමඟ සාම්ප්‍ර­දා­යික තැපැල් සේවය නිමා කිරී­මට ඩෙන්මාර්ක රජය පිය­වර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට දුම්රිය ස්ථාන, බස් නැව­තුම්පළ ඇතුළු ප්‍රසිද්ධ ස්ථාන­වල සවි කර තිබූ රතු පැහැති ‘තැපැල් පෙට්ටි‘ මේ වන ­විට ඉවත් කර­මින් සිටින බවද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

ඩෙන්මා­ර්කය රජ­යට අයත් වසර 400ක් පැරැණි තැපැල් සේවයේ යුගය අව­සන් කර­මින් පසු­ගිය දෙසැ­ම්බ­රයේ 30 වැනිදා අව­සන් ලිපි බෙදා දීම සිදුවූ බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. ඒ අනුව ඩෙන්මා­ර්කය සාම්ප්‍ර­දා­යික තැපැල් සේවය තව­දු­ර­ටත් අත්‍ය­වශ්‍ය නොවන හෝ ආර්ථික වශ­යෙන් සාර්ථක නොවන බවට තීර­ණය කළ ලොව පළමු රට බවට පත් වූ බව ද වාර්තා වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *