Latestවිදේශීය

ඇමරිකාව වෙනිසියුලාව ආක්‍රමණය කරයි

වෙනිසියුලාවේ කරාකස් අගනුවර සිදුවූ පිපිරීම් මාලාව ප්‍රහාරයක් බවත්, ඒ සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග ලබා දී ඇති බවත් බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

අමෙරිකාව, වෙනිසියුලාවට එරෙහිව යුද්ධයක් දියත් කර ඇති අතර, මේ දක්වා අවම වශයෙන් ගුවන් ප්‍රහාර 8 ක් එල්ල කර තිබුණි.

පළමු පිපිරීම එරට වේලාවෙන් අලුයම 1:50 ට පමණ වාර්තා විය.

කරාකස් අගනුවරට ඉහළින් ගින්නක් සහ දුමාරයක් නැඟී එන ආකාරය විදෙස් මාධ්‍ය දර්ශනවල දැක්වේ.

ස්ථාන කිහිපයක පිපිරීම් පිළිබඳ වාර්තා ගණනාවකින් පසුව, ඒ අවට ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම මේ වනවිට අඩාල වී ඇතැයි වාර්තාවේ.

මෙම ප්‍රහාර සිදුවන්නේ අමෙරිකාව සහ වෙනිසියුලාව අතර ආතතිය උත්සන්න වන මොහොතක වීම ද විශේෂත්වයකි.

මේ අතර වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා ‍භාරයට ගෙන එරටින් පිටුවහල්කර ඇති බව ජනපති ට්‍රම්ප් තහවුරු කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇත.

අමෙරිකාව විසින් වෙනිසියුලාවට සහ එහි නායක ජනාධිපති නිකොලස් මධුරෝට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් සාර්ථකව දියත් කළා. ඔහු සහ ඔහුගේ බිරිඳ අල්ලාගෙන රටින් පිටුවහල් කළා” ට්‍රම්ප් වැඩිදුරටත් දක්වා තිබේ.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *