Latestවිදේශීය

ඇමරිකාව වෙනිසියුලාවේ 40ක් ඝාතනය කරයි

ඇමරිකානු හමුදාව විසින් එල්ල කළ ප්‍රහාර වලින් වෙනිසියුලාවේ හමුදා භටයින් සහ සිවිල් වැසියන් අවම වශයෙන් 40දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙනිසියුලා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු උපුටා දක්වමින් විදේශ මාධ්‍ය මේ බව වාර්තා කර ඇත.

වෙනිසියුලාවේ ඇමෙරිකන් හමුදා මෙහෙයුම ගැනත් වෙනිසියුලාවේ අනාගතය ගැනත් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට (5) වැනිදා හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ ඇමෙරිකානු ග්‍රහණයට ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම හදිසි රැස්වීම පැවැත්වෙන බව පැවැසෙයි. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ රටවල් 15ක තානාපතිවරුන් සහභාගී වනු ඇතැයි ද පැවැසෙයි.

මේ අතර අමෙරිකානු අත්අඩංගුවට පත් වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ මෙට්‍රොපොලිටන් හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයකට ප්‍රවාහනය කර තිබේ.

@අරුණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *