පලාත් සභා අසීමිතව වියදම් කරලා
මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන මත යැපෙමින් පළාත් සභා පවත්වාගෙන ගියද පළාත් සභා විසින් අරපිරිමැස්මකින් තොරව වියදම් සිදුකර ඇති බැව් අනාවරණය වන බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.
චක්‍රලේඛවලට පටහැනිව පළාත් සභාවල ආණ්ඩුකාරවරුන්ගේ අනුමැතිය මත නිලධාරීන්ගේ ඉන්ධන දීමනා වැඩිකර ගැනීම, අනෙකුත් ආකාරයේ සාධාරණ නොවන දීමනා ලබා ගැනීම් සහ ආයතන සංග්‍රහයට පටහැනිව නිවාස කුලී දීමනා ලබා ගැනීම මගින් පළාත් සභා අරපිරිමැස්මකින් තොරව වියදම් සිදුකර ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.
2024 වර්ෂය සඳහා භාණ්ඩාගාරය විසින් පළාත් සභා 09ට ලබා දී ඇති මුදල රුපියල් මිලියන හාරලක්ෂ තිස්හත්දහස් තුන්සිය හැටපහකි. ඒ අනුව පළාත් සභා 09යේ මුළු ආදායමින් සියයට අසූතුනක් රජය මගින් ලබා දී ඇති ප්‍රතිපාදනවලින් සමන්විත වී තිබුණි. මෙකී මූල්‍ය දත්තවලට අනුව සියලු පළාත් සභා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ප්‍රදාන මත යැපෙමින් පවතින බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.
විගණකාධිපතිවරයා විසින් 2024 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
@දිවයින

