Latestදේශීය

මන්ත්‍රි විශ්‍රාම වැටුප් අහෝසියි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම නතර කරනු ලැබූ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාර මහතාගේ නියමය පරිදි පළ කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රි විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත යනුවෙන් නම්කර ඇති නව පනත මගින් ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත අහෝසි වනු ඇත.

පනත ක්‍රියාත්මකවීම ආරම්භ වන දිනට පෙර ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනතේ විධිවිධාන ප්‍රකාර 1982 අංක 1 දරන පනතේ 9 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාරව හෝ 1990 අංක 47 දරන පනතේ 9 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාර විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ඇති සහ ඉහත සඳහන් විධිවිධාන යටතේ විශ්‍රාම වැටුපක් ලබන යම් තැනැත්තකුට නව පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ එම දිනට පසුව එම විශ්‍රාම වැටුප ලැබීම නතර විය යුතු බවට මෙයින් ප්‍රකාශ කරනු ලැබේ යනුවෙන් එහි සඳහන්ය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *