Latestවිදේශීය

වෙනිසියුලාව ආක්‍රමණයෙන් පසු කොලොම්බියාවට සහ මෙක්සිකෝවට ඇමරිකාව අනතුරු අඟවයි

එක්සත් ජනපදයට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පැමිණීම අවම නොකළහොත් කොලොම්බියාවට සහ මෙක්සිකෝවටද හමුදා ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවන බව ඇමරිකානු ජනපති අනතුරු අඟවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් කොලොම්බියාවේ තත්ත්වය විමසීමේදී ඇමරිකානු ජනාධිපතිවරයා කොලොම්බියානු ජනාධිපතිවරයාව දැඩිව විවේචනය කළ බවයි.

එහිදී කොකේන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර එක්සත් ජනපදයට විකුණන රෝගී මිනිසෙක් කොලොම්බියාව පාලනය කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ ඔහුට එම කටයුත්ත වැඩි කාලයක් සිදු කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.

මෙක්සිකෝ ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෝම්ට සිය රට පාලනය කරගත නොහැකි බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එහි ආධිපත්‍ය දරන බවත් මෙක්සිකෝව සම්බන්ධව අදහස් දක්වමින් ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

@අරුණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *