Latestදේශීය

පුලතිසි සහ ඇල්ල ඔඩිසි නැවතත්

පුලතිසි නගරාන්තර දුම්රිය සහ ඇල්ල ඔඩිසි දුම්රිය නැවත ගමන් ඇරඹීම සම්බන්ධයෙන් සහ පාසල් සිසුන් සඳහා අමතර දුම්රිය ධාවනයට එක්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කර ඇත.

ලැබෙන මගී ඉල්ලුම අනුව ධාවන වාර සංඛ්‍යාව ඉදිරියේදී වැඩි කිරීමට ද සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත්කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අංක 6075 දුම්රිය

  • කොළඹ කොටුව පිටත් වීම – ප.ව. 12.45
  • මඩකලපුව ලඟාවීම – ප.ව 08.07

අංක 6076 දුම්රිය

  • මඩකලපුව පිටත් වීම -පෙ.ව. 04.00
  • කොළඹ කොටුව ලඟා වීම – පෙ.ව. 11.30

ඇල්ල Odessey සංචාරක දුම්රිය හෙට (07) සිට සෑම බදාදා දිනයකම අඹේවෙල සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇත.

අංක 1043 දුම්රිය

  • අඹේවෙල පිටත් වීම – ප.ව. 01.30
  • බදුල්ල ලඟාවීම – ප.ව. 04.15

අංක 1044 දුම්රිය

  • බදුල්ල පිටත්වීම පෙ.ව. 07.45
  • අඹේවෙල ලඟාවීම පෙ.ව. 10.58

මේ අතර, පාසල් සිසුන් සඳහා පාසල් පැවැත්වෙන දිනවල, ඊයේ (05) සහ අද (06) සිට නාවලපිටිය සහ හැටන් අතරත් මහනුවර සහ වත්තේගම අතරත් පහත පරිදි දුම්රිය ධාවනය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

පැවති ආපදා තත්ත්වයෙන් පසු මෙම මාර්ග කොටස් වල දුම්රියයන් ධාවනය වන්නේ පළමු වතාවට බව දැනුම් දී ඇත.

වත්තේගම/ මහනුවර

  • වත්තේගම පිටත් වීම – පෙ.ව. 05.45
  • මහනුවර ලඟා වීම පෙ.ව. 06.30

මහනුවර/ වත්තේගම

  • මහනුවර පිටත් වීම – ප.ව. 02.00
  • වත්තේගම ලඟා වීම – ප.ව. 02.39

හැටන් / නාවලපිටිය

  • හැටන් පිටත්වීම පෙ.ව. 05.00
  • නාවලපිටිය ලඟා වීම – පෙ.ව. 06.29

නාවලපිටිය /හැටන්

  • නාවලපිටිය පිටත් වීම – ප.ව. 02.12
  • හැටන් ලඟාවීම – ප.ව. 03.11

Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *