Latestවිදේශීය

වෙනිසියුලාවේ ස්වාධිපත්‍යය ආරක්‍ෂා කළ යුතුයි – පාප් වහන්සේ කියයි

‘කනස්සල්ලෙන් පිරුණු හදවතින් වෙනිසියුලාව දෙස බලා සිටිමි’

වෙනිසියුලාවේ ස්වාධිපත්‍ය ආරක්ෂා කළ යුතු බව දහහතරවන ලියෝ පාප් වහන්සේ ඉකුත් ඉරිදා (04දා) ශාන්ත පීතර චතුරශ්‍රයේ දේව මෙහෙයට සහභාගි වෙමින් නිවේදනය කළහ.

මදුරෝ සහ බිරිඳ ඊයේ ඇමෙරිකානු අධිකරණයට රැගෙන යමින්..

වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ ඇමෙරිකානු හමුදා විසින් අත්අඩංගුවට ගැනීමෙන් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඉරිදා දේව මෙහෙයේදී අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ වෙනිසියුලාවේ සාමය, ස්වෛරීභාවයට ගරු කිරීම සහ මානව හා සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඉතා වැදගත් බවයි.

“මම කනස්සල්ලෙන් පිරුණු හදවතකින් වෙනිසියුලාවේ තත්ත්වය දෙස බලා සිටිමි. ආදරණීය වෙනිසියුලානු ජනතාවගේ යහපත අන් සියල්ලට වඩා වැදගත්” යැයි පාප්වහන්සේ ප්‍රකාශ කළහ.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *