ගැඹුරු අවපාතයක් – තද වැසි ඇතිවිය හැකියි
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය හේතුවෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (08) උදෑසන 10.30ට නිකුත් කළ මෙම රතු නිවේදනය ඉදිරි පැය 24ක් සඳහා වලංගු වන අතර, ගොඩබිම් ප්‍රදේශ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම පද්ධතිය නිරිතදිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, හෙට (09) සවස 5.30ත් රාත්‍රී 11.30ත් අතර කාලය තුළ හම්බන්තොට සහ කල්මුණේ අතරින් ශ්‍රී ලංකා වෙරළට ඇතුළුවීමට බොහෝදුරට හැකියාව ඇති බවයි
රතු නිවේදනයට අනුව, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක.
මුලතිව්, වව්නියාව, කිලිනොච්චි, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට මි.මී. 100 – 150 අතර තද වැසි ඇති විය හැක.
යාපනය, මන්නාරම, ඌව පළාතේ මොනරාගල සහ බදුල්ල, මධ්‍යම පළාතේ නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලටද මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව සඳහන් වේ.

