Latestදේශීය

රළ මත ලිස්සා යාමේ ජාතික තරඟාවලිය

ශ්‍රී ලංකාව ලෝක මට්ටමේ ජල ක්‍රීඩා කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම රජයේ ප්‍රධාන දැක්මක් වන අතර, ශ්‍රී ලංකාවේ රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාව තවදුරටත් දියුණු කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහයෝගය අඛණ්ඩව ලබා දෙන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.

ශ්‍රී ලංකා රළ මත ලිස්සා යාමේ සම්මේලනය (SFSL) විසින් සංවිධානය කරන ලද 2025 ජාතික රළ මත ලිස්සා යාමේ තරඟාවලිය 2026 ජනවාරි 15 සිට 17 දක්වා හික්කඩුව ‘මේන් පොයින්ට්’ (Hikkaduwa Main Point) හිදී පැවැත්වුණු අතර, එහි සමාප්ති අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මීට පෙර කල් දැමුණු මෙම තරඟාවලිය, 2026 වසර ආරම්භයේදී පැවැත්වීමට සංවිධායකයින් විසින් තීරණය කර තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *