ප්‍රභල ඕස්ට්‍රේලියානුවන් හමුවේ ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්
යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ ඊයේ (23) පැවැති තරගය කඩුළු 9කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.5ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 58කි.
එහිදී චාමික හීනටිගල ලකුණු 14ක් සහ කවිජ ගමගේ ලකුණු 10ක් ලබා ගත්තහ.
වෙනත් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු සීමාව ඉක්මවා යාමට නොහැකි විය.
පන්දුයැවීමේදී විල් බයිරුම් කඩුලු 05ක් බිඳහෙළුවේය.
අනතුරුව පිටියට පැමිණි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 12කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 62ක් රැස්කර ගෙන තරගය පහසුවෙන් ජය ගැනීමට සමත් විය.
ඒ අනුව යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හැකිව තිබේ.
ඒ ප්‍රසාද ලකුණු 6ක් සමගින්.
ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන සිටින්න් ශ්‍රී ලංකා කණ්ඩායමයි.
@අරුණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

