ට්‍රම්ප් කැනඩාවට අභියෝග කරයි
චීනය සමඟ වෙළෙඳ ගිවිසුම්වලට එළඹුණහොත් කැනඩාවට 100%ක දැවැන්ත වෙළෙඳ තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
තම Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, එවැනි ගිවිසුමක් හරහා අමෙරිකාවේ ආරක්ෂාවට සහ ආර්ථිකයට තර්ජනයක් එල්ල විය හැකි බවයි.
කැනඩාවේ ව්‍යාපාරික ක්ෂේත්රය, සමාජ ව්‍යුහය සහ පොදු ජන ජීවිතය චීනය විසින් සම්පූර්ණයෙන්ම ගිලගනු ඇති බවට ද ඔහු එහිදී දැඩිව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව, යම් හෙයකින් කැනඩාව සහ චීනය අතර වෙළෙඳ ගනුදෙනුවක් සිදුවුවහොත්, අමෙරිකාවට ඇතුළු වන සියලුම කැනේඩියානු නිෂ්පාදන සඳහා 100%ක බදු පැනවීමට පියවර ගන්නා බව ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
@අරුණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

