Latestදේශීය

පාර්ලි­මේන්තු නියෝජ්‍ය මහ­ලේ­කම් චමින්ද කුල­ර­ත්නගේ වැඩ තහ­නම්

පාර්ලි­මේ­න්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි, නීතිඥ ජී.කේ. ඒ. චමින්ද කුමාර කුල­රත්න මහ­තාගේ සේවය වහාම ක්‍රියා­ත්මක වන පරිදි තහ­නම් කිරී­මට පාර්ලි­මේන්තු කාර්ය මණ්ඩල උප­දේ­ශක සභාව තීර­ණය කර තිබේ.

ඒ මහ­තාගේ පත්වීම් සම්බ­න්ධ­යෙන් මතුව ඇති ගැට­ලු­කාරී තත්ව­යක් මත පසු­ගිය 23 වැනිදා සිට ක්‍රියා­ත්මක වන පරිදි මේ වැඩ තහ­නම සිදු කර ඇත.

ශ්‍රී ලංකා පාර්ලි­මේ­න්තුවේ නියෝජ්‍ය මහ ලේකම්, කාර්ය මණ්ඩල ප්‍රධානී යනු ජ්‍යෙෂ්ඨ­ත්වය අතින් දෙවැනි තන­තුර වේ. එහිදී එම පත්වීම සම්බ­න්ධ­යෙන් ලැබූ තිබූ පැමි­ණිලි කිහි­ප­යක් පිළි­බ­ඳව විම­ර්ශ­න­යක් පැවැ­ත්වී­මට පාර්ලි­මේන්තු කාර්ය මණ්ඩල උප­දේ­ශක සභාව තීර­ණය කර ඇත.

ඒ අනුව විම­ර්ශන නිල­ධා­රි­යෙක් පත් කර ඇත. චමින්ද කුල­රත්න මහ­තාගේ සේවය අත්හි­ටුවා ඇත්තේ විධි­මත් පරී­ක්ෂ­ණ­යක් පැවැ­ත්වීම සඳ­හාය.

ජී.කේ.ඒ. චමින්ද කුමාර කුල­ර­ත්නගේ මහතා පාර්ලි­මේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලි­මේ­න්තුවේ නියෝජ්‍ය මහ ලේකම් පත් කිරී­මේදී ඇතැම් නිල­ධා­රීන් ක්‍රියා කර ඇති ආකා­රය 2023 අංක 9 දරන දූෂණ විරෝධි පනතේ 111 වග­න්තියේ දැක්වෙන දූෂ­ණය නමැති වරද යට­තට ගැනෙන බවට ද තොර­තුරු වාර්තා වේ.

පසු­ගිය 23 වැනිදා පස්ව­රුවේ රැස්වූ පාර්ලි­මේන්තු කාර්ය මණ්ඩල උප­දේ­ශක කාරක සභා­වට කථා­නා­යක (වෛද්‍ය) ජගත් වික්‍ර­ම­රත්න, සභා­නා­යක ඇමැති බිමල් රත්නා­යක, විපක්ෂ නායක වෙනු­වෙන් විප­ක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක ගයන්ත කරු­ණා­ති­ලක, මුදල් ඇමැ­ති­ව­රයා නියෝ­ජ­නය කර­මින් නියෝජ්‍ය මුදල් ඇමැති අනිල් ජයන්ත සහ පාර්ලි­මේ­න්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහ­ණ­ධීර මහත්ම මහ­ත්මීන් සහ­භාගී වී ඇත.

වැඩ තහ­නම් කිරීම සම්බ­න්ධ­යෙන් ඒ මහ­තා­ගෙන් විම­සී­මේදී ප්‍රකාශ කළේ 23 වැනිදා පස්වරු 6.30 දක්වාම මේ සම්බ­න්ධ­යෙන් තමන් දැන නොසිටි බවයි. මේ සම්බ­න්ධ­යෙන් ඉදිරි ක්‍රියා­මාර්ග ගන්නා බව ද ඒ මහතා පැව­සීය.

ව්‍යාජ තොර­තුරු ඉදි­රි­පත් කර­මින් තම තන­තුර ස්ථිර කර ගැනී­මට කට­යුතු කර ඇති බව චමින්ද කුල­රත්න මහ­තාට එල්ල වන චෝද­නා­වක් වන අතර, වැඩ තහ­නම් කිරීම සම්බ­න්ධ­යෙන් අභ්‍ය­න්තර විම­ර්ශ­න­ය­කින් පසු පිටු 30කින් යුත් වාර්තා­වක් ඉදි­රි­පත් කර ඇති බවට ද වාර්තා වේ.

රජයේ ඉහළ තන­තු­ර­කට රාජ්‍ය සේව­ක­යෙක් බඳවා ගැනී­මේදී දේශ­පා­ලන මණ්ඩ­ල­යක් විසින් සම්මුඛ පරී­ක්ෂ­ණ­ය­කට ලක් කර ඇති බවට ද චෝදනා එල්ල වන අතර, හිටපු අග්‍රා­මාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධන, හිටපු කථා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන, හිටපු සභා­නා­යක සුසිල් ප්‍රේමජයන්ත, විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස, විප­ක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක ලක්ෂ්මන් කිරි­ඇල්ල, පාර්ලි­මේ­න්තුවේ මහ ලේකම් කුෂානි රෝහ­ණ­ධීර යන අය සම්මුඛ පරී­ක්ෂ­ණයේ පරී­ක්ෂණ මණ්ඩ­ලය ලෙස කට­යුතු ඇති බවට ද පාර්ලි­මේන්තු ආරංචි මාර්ග සඳ­හන් කරයි.

එමෙන්ම සාවද්‍ය කරුණු ඉදි­රි­පත් කර­මින් කාර්ය මණ්ඩල ප්‍රධානි සහ පාර්ලි­මේ­න්තුවේ නියෝජ්‍ය මහ­ලේ­කම් තන­තු­රට පත්වීම ගැනීම හා එම තන­තුරේ සේවය ස්ථිර කරවා ගැනීම මඟින් මෙන්ම තමාට හිමි නැති වැටුප් පිය­ව­රක් ගැනීම මඟින් ද රාජ්‍ය සේවයේ පවත්නා රෙගු­ලා­සි­ව­ලට පට­හැ­ණිව කට­යුතු කර ඇති බව ද චමින්ද කුල­රත්න මහතා වෙත එල්ල කර ඇති එක් චෝද­නා­වකි.

එක් අවු­රුදු වැඩ­බැ­ලීමේ කාල­ය­කට යටත්ව පත්වී­මක් ගැනී­මට කට­යුතු කිරීම හා එම තන­තු­රට නිය­මිත වැටුප් පිය­ව­ර­ය­කට වඩා ඉහළ වැටුප් පිය­ව­ර­ය­කට අයත් වැටුප් ගැනීම හරහා රජ­යට මූල්‍ය­මය අලා­භ­යක් සිදු කිරීම ඔහුට ඇති තවත් චෝද­නා­වකි.

ඒ අනුව මෙම චෝදනා පිළි­බ­ඳව විධි­මත් පරී­ක්ෂ­ණ­යක් සිදු කර අව­සන් වන තෙක් පාර්ලි­මේන්තු කාර්ය මණ්ඩල උප­දේ­ශන කාරක සභාව විසින් චමින්ද කුල­රත්න මහතා වැඩ තහ­න­ම­කට ලක්කර තිබෙන අතර, එම කාලය තුළ පාර්ලි­මේන්තු පරි­ශ්‍ර­යට පිවි­සී­මද තහ­නම් කර ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *