Latestදේශීය

සිරිලිය ගිණුමෙන් ශිරන්ති කොළඹින් ලක්ෂ 350ක නිවසක් අරගෙන

කොළඹ මියු­සි­යස් විදු­හල අසල ඇති නිවෙ­සක් 2013.04.05 දිනැති ඔප්පුව මඟින් හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ බිරිය වන ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මි­යගේ නමට මිලදී ගැනීම සම්බ­න්ධ‍යෙන් විම­ර්ශ­න­යක් සිදු කරන ලෙස අල්ලස – දූෂ­ණය – නාස්ති­යට එරෙහි සංවි­ධා­නය අල්ලස් හෝ දුෂණ විම­ර්ශන කොමි­ෂන් සභා­වට පැමි­ණි­ල්ලක් සිදු කර තිබේ.

මේ නිවෙස සිරි­ලිය ගිණුමේ තිබූ රුපි­යල් ලක්ෂ 350ක් වැය කර මිලදී ගෙන ඇති බවට ඉඩ­මට අදාළ ලේඛන පරීක්ෂා කිරී­මේදී සඳ­හන් වන බව එම පැමි­ණිල්ලේ පෙන්වා දී ඇත. මෙය දූෂිත ගනු­දෙ­නු­වක් බවට හැඟී යන බැවින් මේ සම්බ­න්ධ­යෙන් විධි­මත් පරී­ක්ෂ­ණ­යක් කරන ලෙස එම සංවි­ධා­නය ඉල්ලා තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *