සිරිලිය ගිණුමෙන් ශිරන්ති කොළඹින් ලක්ෂ 350ක නිවසක් අරගෙන
කොළඹ මියුසියස් විදුහල අසල ඇති නිවෙසක් 2013.04.05 දිනැති ඔප්පුව මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමට මිලදී ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අල්ලස – දූෂණය – නාස්තියට එරෙහි සංවිධානය අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදු කර තිබේ.
මේ නිවෙස සිරිලිය ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 350ක් වැය කර මිලදී ගෙන ඇති බවට ඉඩමට අදාළ ලේඛන පරීක්ෂා කිරීමේදී සඳහන් වන බව එම පැමිණිල්ලේ පෙන්වා දී ඇත. මෙය දූෂිත ගනුදෙනුවක් බවට හැඟී යන බැවින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස එම සංවිධානය ඉල්ලා තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

