Latestදේශීය

පියතුමාට පහරදුන් සිද්ධියේ පොලිස් 6දෙනා නැවතත් රිමාන්ඩ්

යතුරුපැදියක ගමන් කරමින් සිටි කිතුනු පියතුමෙකුට පහරදීමේ චෝදනාව මත ඊයේ (26දා) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරීන් හයදෙනා ලබන 29දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් සීලනී පෙරේරා මහත්මිය නියෝග කළාය.

මිලන් ප්‍රියදර්ශන නමැති මෙම පියතුමාට මිනුවන්ගොඩ, තෙල්වත්ත ප්‍රදේශයේදී පහරදීම සිදුකළ ඇති බව පැවසේ. පහරකෑමට ලක්වූ පියතුමා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මෙම පහරදීමට සැකපිට පොලිස් නිලධාරීන් හයදෙනෙකු ඉකුත් 25දා ගම්පහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ගම්පහ මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අතර ඔවුහු ඊයේ තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ. ඒ අනුව ඊයේ සැකකරුවන් මහර බන්ධනාගාරයේ සිට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් ලබන 29දා තෙක් නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

ඊට අමතරව මෙම සැකකරුවන් එදින හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

දිප්පිටිගොඩ දේවස්ථානයේ දිව්‍ය පූජාව සිදුකර නැවත කොටදෙණියාව, වරාදල, වැල්ලව පිහිටි පියතුමන් රැඳී සිටින ස්ථානය වෙත යමින් සිටියදී පොලිස් යතුරුපැදි ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇත. පහරදීම සිදුවන අවස්ථාවේ පියතුමන් පූජක ලෝගුව පැළඳ සිට ඇති අතර පූජකවරයෙකුගේ අනන්‍යතාව තහවුරු කරන හැඳුනුම්පත පවා පොලිසියට ඉදිරිපත් කර සිටියදී මෙම පහරදීම සිදුව ඇතැයි පොලිසියට චෝදනා එල්ල වී ඇත.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *