Latestදේශීය

බාල ගල්අඟුරු ගෙනාවාට මීට පෙරත් දඩ අයකර තිබෙනවා – නලින්ද ජයතිස්ස

නිසි ප්‍රමිතියට නොමැති නිසා මීට පෙර ද ගල්අඟුරු ආනයනය කිරීමේදී දඩ අයකර ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මේ අනුව එසේ ප්‍රමිතියේ ප්‍රශ්න නිසා 2020/21 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 7.54ක් ද, 2021/22 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 6.1ක් සහ 2022/23 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 7.8ක් දඩ අය කරගෙන ඇති බව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැති නලින්ද ජයතිස්ස කීවේය.

එසේ ගල්අඟුරු ප්‍රමිතියෙන් තොරවීමේදී දඩ අයකර ගන්නා ක්‍රමවේදයක් ඇති බවද මෙතුවක් කල් එසේ දඩ අයකර ගන්නා ක්‍රමවේදය අනුව මෙවරද දඩ අයකර ගැනීමට පියවර ගෙන ඇති බව ඇමැතිවරයා කීවේය.

දැනට පවතින ක්‍රමවේදය අනුව රජයට පාඩුවක් නොවන පරිදි දඩ අයකර ගැනීමේ ක්‍රමවේදයක් පවතින බවද ඔහු තවදුරටත් කීවේය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *