සේන සමරසිංහ නික්ම යයි
සිංහල සිනමාවේ අතිශය ජනප්රිය චිත්රපට රැසක් සඳහා දායක වූ ප්රවීණ චිත්රපට අධ්යක්ෂ, සේන සමරසිංහ මහතා අභාවප්රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 89 වන වියේ පසුවුණි.
1937.11.25 වැනි දින කෑගල්ලේ රන්දෙණියේදී උපන් සේන සමරසිංහයන් දේශීය සිනමාව ස්වර්ණමය යුගයක් කරා ගෙනයාමට උරදුන් තවත් ප්රබල සිනමාකරුවෙකි.
1973 දී මිල්ටන් ජයවර්ධන සමග ‘සදහටම ඔබ මගේ’ චිත්රපටය නිෂ්පාදනය කිරීම ඔහුගේ සිනමා ගමන් මගේ ආරම්භයයි.
සේන සමරසිංහයන් ‘සදහටම ඔබ මගේ’ චිත්රපටය නිෂ්පාදනය කිරීමෙන් පසුව 1974 දී ‘කස්තුරි සුවඳ’ චිත්රපටය තුළින් සිනමා අධ්යක්ෂවරයකු බවට පත්විය. එයද ජනප්රිය සිනමාව තුළ වාර්තා පිහිටුවීමට සමත් වූ චිත්රපටයක් විය.
කස්තුරි සුවඳ (1974.03.03)
නිල්ල සොයා (1976.11.12)
ආශා දෑසින් (1978.04.28)
මල් කැකුළු (1980.01.04)
චංචල රේඛා (1981.12.18)
ඈතින් ඈතට (1983.05.06)
යළි හමුවෙන්නයි (1986.02.07)
බමර කලාපේ (1991.12.06)
යන සිනමා නිර්මාණයන් එතුමා නිර්මාණය කරන ලදී.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

