Latestදේශීය

පියතුමාට පහර දුන් සිද්ධියේ පොලිස් නිළධාරීන්ට ඇප

කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හය දෙනා ඇපමත මුදා හැර තිබේ.

ඒ, ඊට අදාළ නඩුව අද (29) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය. 

එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපමත මුදහැරීමට ගම්පහ මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

සැකකාර පොලිස් නිලධාරින්ගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර ඔවුන්ගේ වැඩතහනම තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙසට ද අධිකරණය නියෝග කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින්ගෙන් තිදෙනෙකු පියතුමා විසින් හඳුනාගැනීමේ පෙරට්ටුවේදී හඳුනාගෙන ඇති අතර ඉන් එක් අයෙකු පහර දුන් බව ද උන්වහන්සේ සඳහන් කර තිබේ.

සෙසු නිලධාරින් දෙදෙනා එම අවස්ථාවේදී ඒ අසල සිටි අය බවට ද පියතුමා ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධ නඩුව ලබන අප්‍රේල් මස 30 වැනිදා කැඳවීමට නියමිතව තිබේ.‍

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *