ජොන්ස්ටන් සහ පුත්තු නැවතත් බන්ධනාගාරයට
හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා ලබන 13වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකරන විමර්ශනයකට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරම් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමණාකාරවරයෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිස සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමති ලෙස කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කරමින් තමන්ට අයත් මත්පැන් නිෂ්පාදන සමාගමකට සතොස ආයතනයේ ලොරි රථ යෙදවීම, එම ආයතනයේ වැටුප් හා දීමනා ගෙවීමේදී සිදුව ඇති අක්‍රමිකතා සහ කූඨ ලේඛන සකස් කිරීම ඇතුළු චෝදනාවලට අදාළව ගොනු කෙරෙනු නඩුවක් මත පසුගියදා මූල්‍ය අපාරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන වත්තල අධිකරණයට ඉදිරිපත් කළේය.
@Lanks Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

