රජයට තවත් පැය 48ක් ලබාදෙනවා – GMOA
සේවා පහකින් වැළකී සිටිමින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (29දා) හතරවන දිනටත් ක්‍රියාත්මක කර තිබූ දීපව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් රෝහල් වෙත පැමිණි රෝගී ජනතාව තවදුරටත් අපහසුතාවට ලක්වූහ.
සිය ඉල්ලීම් සඳහා සෞඛ්‍ය ඇමතිවරයා සහ ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දු ඉටු නොවීම හේතුවෙන් එම සංගමයේ වෛද්‍යවරුන් මෙම අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ගෙන තිබේ. පෙරේදා (28දා) රැස්වූ එම සංගමයේ මධ්‍යම කාරක සභාව සිය ඉල්ලීම් සඳහා සාධනීය මැදිහත්වීමක් සිදුකිරීමට රජයට පැය 48ක් ලබාදීමට තීරණය කර තිබේ.
එම පැය 48 තුළ ඉල්ලීම් විසඳීම සඳහා රජය නිසි ලෙස ක්‍රියාත්මක නොවන්නේ නම් යළි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යෑමට සිදුවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
මෙම අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් රෝහල්වල නොමැති ඖෂධ පිටතින් ලබාගැනීමට හා රසායනාගාර පරීක්ෂණ පිටතින් කරගැනීමට නිර්දේශ නොකිරීම, දේශපාලන ආරාධනා මත පවත්වන සායනවලට වෛද්‍යවරුන් සහභාගි නොකිරීම, වෛද්‍ය සහායකයන් නොමැතිව රෝගීන්ට ප්‍රතිකාර ලබානොදීම සහ අවශ්‍ය වෛද්‍යවරුන් ප්‍රමාණය නොමැති නම් වෛද්‍ය ප්‍රතිකාර ලබානොදීම යන සේවාවන්ගෙන් වැළකී සිටීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගෙන තිබේ.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

