ශිරන්ති FCIDයට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අනිද්දා දින (03) පෙරවරු 09 ට මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් ඇත.
සිරිලිය ගිණුමේ මුදල් යොදා නිවසක් මිලදී ගත් බවට එල්ල වී ඇති චෝදනාවක් පිළිබඳව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තාවෙයි.
ඊට අමතරව හෙට දිනයේ දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
කෙහෙල්බද්දර පද්මේ සමග සම්බන්ධතා පැවැත්වූ බවට එල්ල වී ඇති චෝදනාවක් පිළිබඳ විමසීම සඳහා මෙම කැඳවීම කර ඇති බවත් වාර්තා වෙයි.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

