Latestවිදේශීය

ඊශ්‍රායලය තවත් ගාසා වැසියන් 12ක් ඝාතනය කරයි

ගාසා තීරයට ඊයේ [31] එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගාසා නගරයේ මහල් නිවාස ගොඩනැගිල්ලක් සහ ඛාන් යුනිස් හි කූඩාරමක් ඇතුළුව උතුරු සහ දකුණු ගාසා තීරයේ ස්ථාන රැසකට ප්‍රහාර එල්ල වී තිබෙන බව සදහන් වේ.

තුවාල ලැබූවන් අතර පවුල් දෙකකට අයත් කාන්තාවන් දෙදෙනෙකු සහ ළමුන් හය දෙනෙකු ඇතුළත් බව වාර්තා වී ඇත.

2025 ඔක්තෝබර් 10 වන දින සටන් විරාමය ක්‍රියාත්මක වූ දා සිට ඊශ්‍රායල හමුදාව විසින් පලස්තීන ජාතිකයින් 500 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කර ඇති බව ගාසා සෞඛ්‍ය බලධාරීන් විසින් වාර්තා කර තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *