Latestදේශීය

ජගත් මනු­වර්ණ, රතිදු සේනා­රත්නට වරෙන්තු

ඉකුත් 2022 වසරේ ජූලි මස 25 වැනිදා අර­ග­ල­ක­රු­වන්ට පහ­ර­දුන් සිද්ධියේ හිටපු ඇමැති සනත් නිශාන්ත ඇතුළු සැක­ක­රු­වන් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන අව­ස්ථාවේ ඇප නොදෙන ලෙස ඉල්ල­මින් කොටුව අධි­ක­ර­ණය ඉදි­රි­පිට උද්ඝෝ­ෂ­ණ­යක් සිදු කළ බව කියන සිද්ධි­යට අදාළ නඩුව කැඳ­වන අව­ස්ථා­වේදී විවෘත අධි­ක­ර­ණයේ පෙනී නොසිටි පාර්ලි­මේන්තු මන්ත්‍රී ජගත් මනු­වර්ණ, රතිදු සේනා­රත්න හෙවත් රැට්ටා යන අය කොටුව මහේ­ස්ත්‍රාත් ඉසුරු නෙත්ති­කු­මාර මහතා ඊයේ (2) වරෙන්තු නිකුත් කළේය.

කොම්ප­ඤ්ඤ­වී­දිය පොලී­සිය විසින් ගොනු කර තිබූ නඩු­වක් කැඳවූ අව­ස්ථා­වේදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම නියෝ­ගය සිදු කළ අතර, ඇප මත මුදා හැර ඇති සැක­ක­රු­වන්ගේ නම් කතා කරන අව­ස්ථාවේ මන්ත්‍රී­ව­රයා ඇතුළු දෙදෙනා අධි­ක­ර­ණයේ පෙනී නොසිටි හෙයින් වරෙ­න්තු­වක් නිකුත් කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඇප­ක­රු­වන්ට නොතීසි නිකුත් කළේය. එසේම පෙර නඩු දිනයේ නඩු විභා­ග­යට නොපැ­මිණි තැන්නේ ඥානා­නන්ද හිමි­යන් අම­තර රුපි­යල් ලක්ෂ­යක ඇප­යක් මත මුදා හරින ලෙස­ටද මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය. මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් ඇප මත මුදා හැර ඇති රංග­න­වේ­දිනී දමිතා අබේ­රත්න, ලංකා ගුරු සංග­මයේ සභා­පති ජෝසප් ස්ටාලින්, ධම්මික මුණ­සිංහ, තැම්පි­ටියේ සුග­තා­නන්ද හිමි, සත්‍ය­වේල් පිය­තුමා ඇතුළු හත් දෙනෙකු නඩුව කැඳවූ අව­ස්ථා­වේදී විවෘත අධි­ක­ර­ණයේ පෙනී සිටි­යහ. සැක­ක­රු­වන් වෙනු­වෙන් නීතිඥ තිළිණ වීර­සිංහ මහතා අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කළේය

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *