Latestදේශීය

මාතර නිල්වලා මෝය නැරඹුම් වෙරළ ව්‍යාපෘතිය

මාතර කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම කමිටුවේ සභාපති, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 23 වැනිදා මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


මෙම රැස්වීමේදී ප්‍රදේශයේ පවතින ගැටලු, අඩුපාඩු සහ ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව නිලධාරීන් සහ ආයතන නියෝජිතයින් සමඟ පුළුල්ව සාකච්ඡා කෙරිණි.

ඒ අනුව, මාතර තානායම අසළ සිට වෙරළට ආසන්නව නිල්වලා ගං මෝයකට දක්වා නැරඹුම් ස්ථාන සහිත වෙරළ නැරඹුම් මංපෙතක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු කෙරුණි. එමෙන්ම මාතර වෙලේවත්ත හන්දියෙන් දියගහ පාරට ඇතුල් වන ආරම්භක ස්ථානයේ පාර පළල් කිරීම, මාතර නගරයේ බස් හෝල්ට්වල ආසන සවි කිරීම ඇතුළු මූලික සංවර්ධන කටයුතු පිළිබඳවද සාකච්ඡා කරනු ලැබීය.

තවද, නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද ගැටළු සහ ලිපි මගින් ලැබී ඇති යෝජනා පිළිබඳවද සාකච්ඡා කර, ඒවාට අදාළ විසඳුම් ලබාදීමට මෙම රැස්වීමේදී කටයුතු කරන ලදී.

මෙම අවස්ථාවට මාතර මහ නගර සභාවේ නගරාධිපති නීතීඥ ජයන්ත පතිරණ මහතා ඇතුළු මහජන නියෝජිතයින්, මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් සුසන්ත අත්තනායක මහතා, මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා නිලධාරීන්, අමාත්‍යාංශ ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *