ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව අද සිට
අද (05) උදෑසන සිට ලබන 11 වැනිදා දක්වා දින හතක කාලයක් පැය 24 පුරාම ඓතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව ජනතාවට හිමිවෙයි.
ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ ඊයේ (04) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට වැඩම කරවනු ලැබීය.
ඉන්දියාවට අයත් විශේෂිත ගුවන්යානයකින් මෙරටට වැඩම කරවන ලද මෙම ධාතූන්වහන්සේ ඊයේ පස්වරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කෙරුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

