මත්ද්‍රව්‍ය භාවිතා කළ බස් පරීක්ෂාවේදී ඇතැම් බස්රථ ආපසු හරවාගෙන ගිහින්
මොරටුව ප්‍රදේශයේ බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කිරීමක් අද (5) මොරටුව බස්නැවතුම්පොළේ දී සිදු කළේය.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හා පොලිසිය එක්ව බස් රථ රියදුරන් 250 දෙනෙකු මෙහිදී පරීක්ෂා කරනු ලැබීය.
ඉන් 8 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇතැයි තහවුරු වූ බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පැවසීය.
මේ අතර බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසන්නේ, අදාළ පරීක්ෂාව මගහැරගිය රියදුරන් හා කොන්දොස්තරවරුන් අදාළ පරීක්ෂාව හෙට (6) දිනය තුළ සිදුකර නොගතහොත් ඔවුන්ට පොදු මගී ප්‍රවාහනය සිදුකිරීමට අවසර ලබා නොදෙන බවය.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිණී ජාසිංහ මහතා,
“කොළඹට ගිය සමහර බස් රථවල කොන්දොස්තරවරු හා රියදුරු මහත්වරු මොරටුවට එන්නේ නැතුව හරවන් ගිගින්. ඒ සියලු දෙනා හෙට දවස ඇතුළත ප්‍රවාහන වෛද්‍ය ආයතනයට ගිහින් මෙඩිකල් ටෙස්ට් එක කරගෙන රිපෝට් එක ගෙනත් දෙන්න ඕන.
එහෙම නැතිවුණොත් කිසිම කෙනෙකුට නැවත පොදු මගී ප්‍රවාහන සේවයේ නැත්නම් බස්රථල සේවය කරන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. ඒ තීරණයේ දැඩිව ඉන්නවා” යනුවෙන් පැවසීය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

