විමල්ට ස්වර්ණවාහිනියට කෝටි 200ක වන්දි ගෙවන්න එන්තරවාසි
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්සට එරෙහිව අපහාසාත්මක හා අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීම හා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංසගෙන් සහ ස්වර්ණවාහිනී රූපවාහිනී මාධ්‍ය ආයතනනයෙන් රුපියල් කෝටි 100 බැගින් වන්දි ලබා දෙන ලෙස දන්වමින් එන්තරවාසියක් යොමු කර තිබේ.
ඒ, 2026-02-06 හෝ ඒ ආසන්න දිනක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස විසින්, විද්‍යුත්, මුද්‍රිත සහ අනෙකුත් අන්තර්ජාල මාධ්‍යයන් කැඳවා පවත්වන ලද ප්‍රසිද්ධ රැස්වීමකදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති, අසාධු ලේඛනගත ඖෂධ සමාගමක අයිතිකරුවෙකුගේ ණය කාඩ්පතක් භාවිත කරමින් ඉන්දියාවේදී මිලියනයක පමණ භාණ්ඩ මිලදී ගෙන ඇති බවට මහජනතාවට හැඟවෙන සහ ඒත්තු යන ආකාරයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙනි.
එමෙන්ම, ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාව විසින් 2026.02.07 දින ප.ව.6.50ට විකාශය වූ ප්රවෘත්ති විකාශයේ “Story of the Day” නමින් විශේෂ ප්‍රවෘත්තියක් ලෙස උක්ත ප්‍රකාශයට හැඳින්වීමක්ද ලබා දී ප්‍රචාරය කර ඇත.
විමල් වීරවංස විසින් සිදු කළ මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශයක් වන අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වශයෙන් වෛද්‍ය නලින්ද ජයතිස්සගේ කිර්ති නාමය හා මහජන විශ්වාසයට ද්වේශසහගත ලෙස හානි කිරීමේ අරමුණින් සිදු කරන ලද්දක් බව පැහැදිළිව පෙනී යන බව එම එන්තරවාසියේ සඳහන් වේ.
මෙම ප්‍රකාශය හැඳින්වීමක්ද සහිතව යළිත් ප්‍රචාරය කිරීමේදී ස්වර්ණවාහිනී ආයතනය විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෙතින් එහි සත්‍යාසත්‍යතාව පිළිබඳව කිසිදු විමසීමක් සිදු කර නොමැති අතර, එම වැඩසහටන තුළින් අමාත්‍යවරයාට ඒ පිළිබඳව කරුණු දැක්වීමට අවස්ථාවක් ද ලබා දී නොමැත.
එමෙන්ම, මෙම ප්‍රචාරණය මේ වනවිටත් අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍ය අවකාශයන් තුළ උඩුගත කර විවෘත කර තිබේ.
ඒ අනුව, ඉහත කී අපහාසාත්මක ප්‍රචාරණය හේතුවෙන් සිය කීර්ති නාමයට සිදු කර ඇති හානිය වෙනුවෙන් රුපියල් කෝටි 100 බැගින් ගෙවීමට කටයුතු කරන ලෙස විමල් වීරවංස සහ Ben Holdings (PVT) Ltd හා EAP Broadcasting Company Limited යන ආයතන වෙත සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස සිය නීතිඥවරයා මගින් දැනුම් දී ඇත.
නොඑසේ නම්, ඉදිරි නීතිමය කටයුතුවලට එළඹෙන බවද මෙහිදී දැනුම් දී තිබේ.
@Lanks Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

