මාස 24ට මහා පරිමාණ අපරාධකරුවන් 24ක් දිවයිනට ගෙනැවිත්
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ඝාතන ඇතුළු දරුණු ගණයේ අපරාධවල නිරත වෙමින් විදෙස් ගතව සැඟවී සිටින අපරාධකරුවන් අතරින් දරුණුම ගණයේ අපරාධකරුවන් 24 දෙනෙකු ඉකුත් 2024 වර්ෂයේ සිට මේ දක්වා මෙරටට ගෙනැවිත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කර ඇත.
මේ අතර මේ ආකාරයේ අපරාධවල නිරත වෙමින් විදේශගතව සැඟවී සිටින අපරාධකරුවන් 103 දෙනෙකු සඳහා මේ වනවිට ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.
විදේශගතව සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ආ අපරාධකරුවන් 24 දෙනා අතරින් 10 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇත්තේ ඉකුත් 2024 වර්ෂයේදීය. 2025 වසරේ අපරාධකරුවන් 11 දෙනෙකු ගෙන ආ අතර මේ වසරේ මේ දක්වා අපරාධකරුවන් 03 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇත.
එමෙන්ම විදේශගතව සැඟවී සිටිමින් මෙරට අපරාධ මෙහෙයවන පාතාල මැරයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, වංචාකරුවන් ඇතුළු විවිධ ගණයේ අපරාධකරුවන් 300 කට ආසන්න පිරිසක් පිළිබඳව තොරතුරු පොලිස් මූලස්ථානයට ලැබී තිබේ.
එම අපරාධකරුවන් සම්බන්ධයෙන් ද විමර්ශන පවත්වාගෙන යන අතර ඔවුන්ට එරෙහිවද ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලබාගැනීමට බලාපොරොත්තු වන බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

