Latestදේශීය

කෙහෙළියගේ තවත් නඩුවක් මාර්තු 14 කැඳවයි

දූෂණය සිදු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව මාර්තු මස 14 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

2015 ජනාධිපතිවරණය සමයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් වැය කර දේශපාලන කටයුතු සඳහා ජී.අයි. පයිප්ප බට 600ක් මිලදී ගැනීම තුළින් රජයට අලාභයක් සිදු කළ බවට මෙම විත්තිකරුවන්ට චෝදනා එල්ල වී ඇත.

මෙම නඩුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබේ.

නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරුන් නම් කර ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *