ඇමරිකාවේ දැඩි දුෂ්කරතා මධ්‍ය යේ වුවද කියුබාව අසාර්ථක රාජ්‍යයක් කිරීමට ඉඩ දෙන්නේ නැහැ – මිගෙල් ඩියාස් කැනෙල්
කියුබාවට එරෙහිව එක්සත් ජනපදය විසින් ක්‍රියාත්මක කරන නවතම පීඩන සහ සීමාකරන පියවර හමුවේ රට මුහුණ දෙන දැඩි තත්ත්වය පිළිබඳව කියුබානු ජනාධිපති මිගෙල් ඩියාස්-කැනෙල් මහතා පසුගිය පෙබරවාරි 5 වැනි බ්‍රහස්පතින්දා මාධ්‍ය වෙත අදහස් දැක්වීය.
වෙනිසියුලාවෙන් කියුබාවට ඉන්ධන රැගෙන යාත්‍රා කළ ටැංකි නැව් එක්සත් ජනපද හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, ට්‍රම්ප් පරිපාලනය කියුබාවට ඉන්ධන අලෙවි කරන ඕනෑම රටකට තීරුබදු වැඩි කරන බවට තර්ජනය කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙය වසර 60කට අධික කාලයක් පුරා පවත්නා ආර්ථික හා වාණිජ අවහිරතාව තවත් දැඩි කරන පියවරක් බවද ඔහු අවධාරණය කළේය.
ජනාධිපතිවරයා පැවසුවේ දෙසැම්බර් මාසයෙන් පසු කිසිදු ඉන්ධන නැව්වක් කියුබාවට ඇතුළු වී නොමැති බවයි.
එහි ප්‍රතිඵලයක් ලෙස පාසල් පද්ධතිය, ප්‍රවාහන සේවා සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය යටිතල පහසුකම් රඳා පවතින විදුලි සැපයුම දැඩි ලෙස බිඳ වැටෙන තත්ත්වයකට පත්ව ඇති බවද ඔහු කියා සිටියේය.
මෙම තත්ත්වය හමුවේ ඇතැම් විශ්ලේෂකයින්, එක්සත් ජනපදයේ නව පියවර කියුබානු ජනතාවට එරෙහි “ජන සංහාරයකට” සමාන බවටද අදහස් පළ කර ඇත.
කියුබාව එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට වොෂින්ටනය කරන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ ඩියාස්-කැනෙල් මහතා, කියුබාව කිසිවිටෙකත් එක්සත් ජනපදයට එරෙහි ආක්‍රමණශීලී ක්‍රියාවක් සිදු කර නැති බව අවධාරණය කළේය.
“කියුබාව ත්‍රස්තවාදී රටක් නොවේ. එය එක්සත් ජනපදයේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොවේ. අපි කිසිවිටෙකත් එක්සත් ජනපදයේ භෞමික අඛණ්ඩතාවයට හෝ ස්ථාවරත්වයට අභියෝග කර නැත,” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
එසේම කියුබාව තුළ විදේශීය හමුදා බලකා නොමැති බවත්, එරට පවතින එකම හමුදා කඳවුර ග්වාන්ටනාමෝ ප්‍රාන්තයේ පිහිටි නීති විරෝධී එක්සත් ජනපද හමුදා කඳවුර බවත් ඔහු පෙන්වා දුන්නේය.
කියුබාව සැමවිටම සංවාදයට විවෘත රටක් බවත්, නමුත් පීඩනය, තර්ජන සහ බ්ලැක්මේල් යටතේ සිදු කරන සාකච්ඡා සැබෑ සංවාද නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
කියුබානු ස්වෛරීභාවයට ගරු කරන, පූර්ව කොන්දේසි රහිත සහ සමානාත්මතාවය මත පදනම් වූ සංවාදයකට ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් හමුවීමට තම රජය සූදානම් බවද ඔහු පැවසීය.
අවසන් වශයෙන් ජනාධිපති ඩියාස්-කැනෙල් මහතා කියා සිටියේ, රට බිඳ වැටෙන තුරු පීඩනය යෙදීමේ එක්සත් ජනපද උපාය මාර්ගය අලුත් දෙයක් නොවන නමුත්, දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුවද කියුබාව අසාර්ථක රාජ්‍යයක් නොවන බව ඉතිහාසය සනාථ කර ඇති බවයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

