Latestදේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රි විශ්‍රාම වැටුප් අහිමි කිරීම තවත් පියවරකින් ඉදිරියට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පැවසුවේ ඒම කාරක සභාවේ දී ඒකමතිකව ඒම පනත සම්මත වු බවය.

“රාජ්‍ය පාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී ඒකමතිකව මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහොසි කිරීම පිළිබඳ පනත් කෙටුම්පත අනුමත කළා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි ඉදිරිපත් කල එක කරුණක් තමයි මේ අවුරුදු කිහිපයක් පාර්ලිමේන්තුවේ ඉදලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලබාගන්නා විශ්‍රාම වැටුප අහෝසි කරනවා කියන එක. දැනට 1977 අංක 1 දරණ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත මේ අලුත් පනත ඔස්සේ අහෝසි වෙනවා. ලබන සතියේ දී මේක පාර්ලිමේන්තුවේ දී මේක සම්මත කරගත්තට පස්සේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් හිමි වන්නේ නෑ. සේවයක් විදියට කරගෙන යන්න ඉඩ හම්බෙනවා ඊට පස්සේ. අපි හිතනවා මේක දේශපාලන සංස්කෘතිය පැත්තෙන් එහෙම නැතිනම් අපි මැතිවරණයට කලන් දීපු පොරොන්දු පැත්තෙන් ඉතාම වැදගත් පියවරක් කියලා. මේ වගේ ක්‍රියාවලින් හරහා අපි මොන පාරේද යන්නේ කොහොමද මේක ඉස්සරහට යන්නේ කියන එක ගැන තහවුරුවක් ලබා දෙනවා කියන එක අපි විශ්වාස කරනවා. “

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *